වෙළඳ බලපත්‍ර ලබාදීම

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 149 වගන්තිය හා 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථාව) පනත අනුව සකස් කල අතුරු ව්‍යවස්ථාවල සදහන් ව්‍යාපාර සදහා වෙළද බලපත්‍ර ලබා ගත යුතු වේ.

බලපත්‍ර ලබාගත යුතු වෙළද ව්‍යාපාර

උකස් ලියාපදිංචි කිරීම.සිසිල් බීම කර්මාන්තශාලා.
ප්‍රසිද්ධ පිට්ටනි පාවිච්චියට ගැනීම.මැලේරියාව වැලැක්වීම සහ මදුරුවන් විනාශ කිරීම.
වාහන යනාදිය ධාවනය කිරීම.ස්පර්ශක හා ආසාදන රෝග.
වීදි වල දේශනා පැවැත්වීම.පොදු නාන ස්ථාන.
අවහිර කිරීම සහ අයුතු ඈදා ගැනීම.ලොන්ඩරි.
වැඩ කටයුතු කරගෙන යාම.ගවගාල්.
කසළ ශෝධනය.පක්ෂින් සහ වෙනත් සතුන් හා මල් ආදිය විනාශ කිරීම.
ගෙපත්වල ප්‍රමානය ඉක්මවා වාසය කිරීම.සත්ව හිංසා වැළැක්වීම.
ලැගුම් නිවාස.ගාතක මඩු.
ග්‍රැමපෝන් ශබ්ද වාහිනී යන්ත්‍ර යනාදිය ක්‍රියා කරවීම.පොදු වෙළඳපොළවල්.
හෝටල්.ජල සම්පාදනය.
බත් කඩ ආපනශාලා සහ තේ හෝ කෝපි.ළිං තැනීම.
බේකරි.අනාරක්ෂිත ළිං.
කිරි පට්ටි හා කිරි වෙළදාම.කොණ්ඩා සැකසීමේ සැලුන්හල් හා බාබර් සාප්පු.
ආහාර විකිණිම.වාහන සහ සතුන්.
අයිස් කර්මාන්තශාලා.ණය.

මීට අමතරව 1952 අංක 6 දරණ පළාත් පාලන සම්මත අතුරු ව්‍යවස්ථා පනත අනුව අන්තරාදායක හා අප්‍රසන්න වෙළදාමට අමතරව සභාව විසින් වාර්ෂිකව පනවන ව්‍යාපාර සදහා ද වෙළද බලපත්‍ර ලබා ගත යුතුය.

මේ සදහා සභාව විසින් ලබා දෙන අයදුම් පත්‍රය සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුයි.

ගාස්තුව

වාර්ෂික වටිනාකම රු. 750 නොඉක්මවක අවස්ථාවකරු. 500
රුපියල් 750 ඉක්මවක එහෙත් රු. 1500 නොඉක්මවක අවස්ථාවකරු. 750
රු. 1500 ඉක්මවක අවස්ථාවකරු. 1000

පටිපාටිය

  • ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි සියලුම වෙළද ව්‍යාපාරයන් වෙත අයදුම්පතක් ලබා දීම.
  • සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර එකතු කිරීම.
  • අයදුම්කරු සපයන ලද තොරතුරුවල වලංගුභාවය පරීක්ෂා කිරීම.
  • මහඡන සෞඛ්‍යය පරීක්ෂකගේ අනුමැතිය සදහා යොමු කිරීම.
  • ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සිදු කිරීම.
  • අඩුපාඩු නොමැති විට බලපත්‍රය සදහා නිර්දේශ කෙරේ.
  • බලපත්‍ර ගාස්තු අය කර ගැනීමෙන් අනතුරුව බලපත්‍රය නිකුත් කෙරේ.

මහඡන සෞඛ්‍යය පරීක්ෂකගේ අනුමැතිය නොලැබුණු විට,

  • අයදුම්පත්‍රයේ ඇති අඩුපාඩු සදහන් කරමින් අයදුම්කරු වෙත ලිපියක් එවනු ලැබේ.
  • එකී අඩුපාඩු නිවැරදි කර ප්‍රාදේශීය සභාවට දැනුම් දිය යුතුය.
  • නැවත සිදු කරනු ලබන ස්ථානීය පරීක්ෂණයකින් පසු ව්‍යාපාරය සියලු සෞඛ්‍යය නීති හා කොන්දේසි සපුරා ඇත්නම් අනුමැතිය ලබා දී බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු සලසනු ලබයි.

වෙළද බලපත්‍රයක් නොගන්නා විට

  • අදාළ අයදුම්කරු වෙළද බලපත්‍රයක් ලබා ගන්නා ලෙස ලිඛිතව දන්වනු ලැබේ.
  • දැන්වීම සිදු කොට දින 7 ක් ඇතුලත බලපත්‍ර ලබා නොගත්තේ නම් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබිය හැක.

කර්මාන්ත බදු අයකර ගෙනීමේ පටිපාටිය

  • නගර සභා සීමාව තුල පිහිටි සියලුම ව්‍යාපාරික ස්ථානයන් වෙත අයදුම් පත්‍රයක් නොමිලයේ ලබා දෙනු ලැබේ.
  • අයදුම්පත් නැවත එකතු කර ගනු ලැබේ.
  • වාර්ෂික වටිනාකම මත රු. 1000.00 දක්වා වූ බද්දක් අය කරනු ලැබේ.
  • බදු ගෙවීමෙන් අනතුරුව ඒ සදහා වන රිසිට් පත ලබා ගත යුතුය.

මෙම බද්ද තීරණය කරනු ලබන්නේ

  • ව්‍යාපාරයේ වාර්ෂික වටිනාකම
  • වෙළදාම
  • රැස්වන ලාභය
  • ව්‍යාපාර මගින් සපයනු ලබන නිෂ්පාදනයන්ගේ අත්‍යාවශ්‍යතා මට්ටම මතය.
වාර්ෂික වට්නාකම රු. 750 නොඉක්මවන අවස්ථාවකරු. 500
රුපියල් 750 ඉක්මවක එහෙත් රු. 1500 නොඉක්මවන අවස්ථාවකරු. 750
රු. 1500 ඉක්මවන අවස්ථාවකරු. 1000

වෙළද බදු නොගෙවීමේ දී

  • ව්‍යාපාරයේ හිමිකරුට දැන්වීමක් නිකුත් කරනු ලැබේ.
  • දැන්වීමට ප්‍රතිචාර දක්වමින් ගෙවීමක් සිදු නොකරන විට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරිය හැක.

ව්‍යාපාර බදු ගෙවීම

වෙළද බලපත්‍ර හෝ කර්මාන්ත බදු නොගෙවිය යුතු ව්‍යාපාර සදහා ව්‍යාපාර බදු ගෙවිය යුතුයි.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 152 වගන්තිය අනුව පසුගිය වසරේ ආදායම පදනම් කර ගෙන මෙම බද්ද නියම කෙරේ.

ආදායමබද්ද
රු. 6000.00 නොඉක්මවන විටනැත
රු. 6000.00 ඉක්මවන රු. 12000.00 ට අඩුරු. 90.00
රු. 12000.00 ඉක්මවන රු. 18750.00 නොඉක්මවනරු.180.00
රු. 18750.00 ඉක්මවන එහෙත් රු. 75000.00 නොඉක්මවන විටරු. 360.00
රු. 75000.00 ඉක්මවන එහෙත් රු. 150000.00 නොඉක්මවන විටරු. 1200.00
රු. 150000.00 ඉක්මවන විටරු. 3000.00

අයදුම්පත සම්පූර්ණ කර කාර්යාලයට භාර දීමෙන් පසු බදු මුදල ගෙවිය හැක.

ව්‍යාපාර බදු මුදල් නොගැන පුද්ගලයෙක් වෙත දැන්වීමකින් ඒ බදු මුදල් ගැවන ලෙස දන්වීමෙන් අනතුරව නව දුරටත් ඔවුන් විසින් එම බදු මුදල් නොගෙවන්නේ නම් අධිකරණයට කරුණු වාර්තා කර හැක.

වීථි රේඛා සහතික නිකුත් කිරීම (ගොඩනැගිලි සිමාව)

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩම් කොටසක් මූල්‍ය ආයතනයකට උකස් කර ණයක් ලබාගැනීමේ දී එම ඉඩමට ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කරනු ලැබූ වීථි රේඛා සහතිකයක් අවශ්‍ය වේ. මෙම සහතිකයේ ඇති වැදගත්කම වනුයේ වීථි රේඛා කඩ කොට ඉදි කර ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය සභාවට බලය තිබීමයි.

සුදුසුකම්,

  • අදාල ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා තිබිය යුතුය
    මේ සදහා,
  • ගාස්තු ගෙවා අයදුම්පතක් ප්‍රාදේශීය සභා කාර්යාලයේ වරිපනම් අංශයෙන් ලබාගත යුතු වේ.
  • විථී රේඛා සහතික නිකුත් කිරිමේ අයදුම්පත්‍රය සමඟ පහත ලිපි ලේඛන ඉදිරිපත් කල යුතුය.
  • අදාළ ඉඩමේ පිඹුරුපත හෙවත් මිනුම්දෝරු සැලැස්මේ මුල් පිටපත සමඟ ඡයා පිටපත් දෙකක්
  • ඉඩමේ අයිතිය තහවුරු කිරිම සඳහා ඔප්පුව මුලු පිටපත හා ඡයා පිටපත.
  • එහි දී අයදුම්කරු බදු බලපත්‍ර ගාස්තු හෝ වෙනත් අදාල ගෙවීමක් හිග තැබීමක් නොමැති බවට තහවුරු කර ගත යුතු වේ.
  • එසේ හිග තැබීමක් කර ඇති විටෙක එම මුදල් ගෙවිය යුතු වේ.
  • අයදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද සැලැසුමට අදාළ ස්ථානය තාක්ෂණ නිලධාරි විසින් පරික්ෂා කර බලා එම ගොඩනැගිල්ලට අදාළ ගොඩනැගිලි සීමාව සලකුණු කරනු ලැබේ.
  • අයදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද සැලැස්මේ මුල් පිටපත්වල හා අනු පිටපත්වල වීථි රේඛා සලකුණු කිරීමෙන් අනතුරුව වීථි රේඛා සහතිකය නිකුත් කරනු ලැබේ.

පුස්තකාල සේවාවන්

මස්කෙලිය ප්‍රාදේශීය සභාවෙන් ජනතාවට ලබා දෙන තවත් එක් සේවාවකි පුස්තකාල සේවාව. පුස්තකාලය මඟින් වැඩිහිටි මෙන්ම පාසල් ළමුන් සඳහා පොත්, පුවත්පත්, සඟරා පහසුවෙන් කියවීමටත්, පොත්පත් බැහැර රැගෙන යාමටත් පහසුකම් සලසා ඇත.

මස්කෙලිය ප්‍රාදේශීය සභාව යටතේ පවතින පුස්තකාල

  • මස්කෙලිය මහජන පුස්තකාලය
  • අප්කට් මහජන පුස්තකාලය

පුස්තකාලය විවෘත කරන වේලාව

සඳුදා සිට බ්‍රහස්පතින්දාපෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
සිකුරාදාපෙ.ව. 8.30 සිට ප.ව. 1.30 දක්වා
ඉරිදාපෙ.ව. 8.30 සිට ප.ව 4.00 දක්වා

පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනීම

මහජන පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනිමට අයදුම්පත්‍රයක් සම්පූර්ණ කර ඉල්ලුම් කළ යුතු අතර අදාළ සාමාජික ගාස්තු ගෙවිය යුතුය.

  • පාසල් ළමුන් සඳහා ගාස්තුව රු. 65.00 කි.
  • වැඩිහිටි අය සඳහා ගාස්තුව රු. 65.00 කි.

“ජාතික කියවීම් මාසයේ ගාස්තු අය ‍කිරීමකින් තොරව පුස්තකාල සාමාජිකත්වය නොමිලයේ ලබා දෙනු ලබයි.”.

පාසල් ළමුන් අයදුම් පත්‍රය පුරවා අදාළ පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන සහිතව උප්පැන්න සහතිකයේ පිටපතක් හෝ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සමඟ භාරදිය යුතුය.

වැඩිහිටි අය අදාළ අයදුම්පත පුරවා අදාළ ප්‍රාදේශයේ ග්‍රාම නිළධාරී හෝ සාමදාන විනිශ්චයකරුගේ අත්සන සහිතව භාරදිය යුතුය.

පුස්තකාල පොත් බැහැර දීම

පුස්තකාල පොත් බැහැර ගෙන යාමට සාමාජිකයන්ට පමණක් හිමිකම ඇත. බැහැර ගෙන යනු ලබන පොත් පරිහරණය කිරීමට සති දෙකක කාලසීමාවක් ලබා දේ. එම කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් අදාළ සති දෙකක කාලසීමාව අවසන් වීමට තවත් සතියකට දීර්ඝ කර ගත හැක. නියමිත කාලය අවසානයේ පොත් භාර දීමට අපොහෙසත් වන්නේ නම් දිනකට රුපියලක් බැගින් දඩ මුදලක් අය කෙරේ.

බැහැරට ගෙන යන ලද පොත් නැති වීම හෝ හානි වූ විට නැති වූ / හානි වූ පොතට සමාන නව පොතක් නැවත භාර දිය යුතු අතර එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් පොතේ වටිනාකම මෙන් තෙගුණයක් පුස්තකාලයට ගෙවිය යුතුය. එස් අයෙකුට බැහැර ගෙන යා හැකි උපරිම පොත් ගණන දෙකකි.

පුස්තකාල වැඩසටහන්

පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් කරන පුස්තකාල තරඟ වලදී පුස්තකාල සාමාජිකයන් සහභාගී කරවා පළාත් මට්ටමෙන් පළමු ස්ථානය හිමිකරගෙන ඇත.

ජාතික කියවීමේ මාසයේදී කියවීම් වැඩිදියුණු කිරීම සඳහා ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් ගරු මන්ත්‍රීවරුන්ගේ කොට්ඨාශ තුළ දුෂ්කර ප්‍රදේශ වල ජංගම පුස්තකාල සේවාවවන් පැවැත්විණි.

සතියේ දවස් වල සිංහල හා දෙමළ පුවත්පත් හා සති අන්තයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත් පත් පුස්තකාලයට පැමිණ කියවීමේ පහසුකම් සලසා ඇත.

සුසාන භූමි හා ආදාහනාගාර සේවාව

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සියලු සුසාන භූමි නඩත්තු කරමින් පවත්වා ගෙන යාම ප්‍රදේශීය සභාව මගින් සිදු කරනු ලැබේ.

  • ආදාහනාගාර සේවාව සැපයීමේ දී මරණ සහතිකය සහ ප්‍රාදේශීය සභා‍වේ සභාපතිවරයා වෙතින් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් ද සමග ප්‍රාදේශීය සභා‍වේ ලේකම් වෙත අයදුම් පතක් ඉදිරිපත් කල යුතු වේ.
  • අදාල ගාස්තුව අය කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභා‍වේ සභාපතිවරයා විසින් අනුමැතිය ලබා දේ.

සුසාන භූමි වල ස්මාරක ඉදි කිරීම සදහා අනුමැතිය ලබා දීම

මේ සදහා මරණ සහතිකයල ස්මාරකයේ සැලැස්මල මියගිය තැනැත්තා එම ප්‍රාදේශීය සභා‍ බල ප්‍රදේශය තුල ඡීවත් වූවෙකු බවට වන ලිපියක් සමග අයදුම් පතක් ප්‍රාදේශීය සභා‍වේ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුයග මහඡන සෞඛ්‍යය පරීක්ෂක / තාක්ෂණ නිලධාරීගේ නිර්දේශය මත ප්‍රාදේශීය සභා‍වේ සභාපතිවරයා විසින් අනුමැතිය ලබා දෙනු ලැබේ.

මහජන පැමිණිලි පිළිබඳව කටයුතු කිරීම

මස්කෙලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහඡනතාව විසින් ඉදිරිපත් කරනු ලබන විවිධ පැමිණිලි පිළිබදව ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට එම ගැටලු සමතයකට පත්කර දීම ද මෙම ප්‍රාදේශීය සභා‍ව මගින් සිදු කරයි.

නගරයේ පොදු ස්ථාන සහ පොදු ගොඩනැගිලි වීදි ආලෝක කිරීම

ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගවල වීදි පහන් සවි කිරීමේ හා නඩත්තු කිරීමේ කටයුතු මස්කෙලිය ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරේ, මෙහි දී ඡනතාව විසින් කරනු ලබන වාචික හා ලිඛිත ඉල්ලීම් පිළිබදව සලකා බලනු ලැබේ.

ජල නල එලීම සඳහා මාර්ග කැඩිම

මෙහි දී,

  • ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වෙත අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය.
  • ජල සම්පාදන මණ්ඩලයේ ලිපියක් ඉදිරිපත් කල යුතුය.
  • තාක්ෂණ නිලධාරියාගේ නිර්දේශය මත අදාල ගාස්තුව අය කොට අනුමැතිය ලබා දෙනු ලැබේ.

කසල ප්‍රවාහනය

මෙහි දී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙතින් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් ද සමග සභාපතිවරයා / ලේකම්වරයා වෙත අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය. ගාස්තුව පිළිබද තීරණයක් ගැනීමෙන් පසු අදාල සේවාව ලබා ගත හැකි වේ.

ආයුර්වේද වෛද්‍ය සේවාව පවත්වාගෙන යාම

මස්කෙලිය ප්‍රාදේශීය සභා බල ප්‍රෙද්ශයේ ජනතාවගේ සෞඛය තත්වය නංවාලීම උදේසා ජනතාව වෙත නොමිලේ වෛද්‍ය පහසුකම් සහ ඖෂධ සපයාදීම උදෙසා මස්කෙලිය ප්‍රාදේශීය සභාව මගින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබේ.

විවෘත දිනයන්වේලාවන්
සතියේ දිනවලඋදේ 8.00 සිට සවස 4.00 දක්වා
සෙනසුරාදාඋදේ 8.00 සිට දහවල් 12.00 දක්වා

අනතුරු දායක ගස් ඉවත් කිරීම

ගසේ යම් කොටසක් මාර්ගයට හෝ නිවසකට හානියක් විය හැකි අයුරින් පවතින අවස්ථාවල ප්‍රාදේශීය සභාව විසින් මේ සඳහා ක්‍රියා මාර්ග යනු ලැබේ.

මෙහි දී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙතින් කරන ලිඛිත ඉල්ලීමක් ද සමග ප්‍රාදේශීය සභාවේ ලේකම් වෙත අයදුම් පත් ඉදිරිපත් කල යුතු වේ.

ගස හෝ ගසේ අත්ත දින 14 ක් ඇතුලත ඉවත් නොකෙරුනේ නම් එය ඉවත් කර ඒ සඳහා ගිය ව්යදම් ගසේ අයිතිකරුගෙන් අයකර ගැනීමට සභාපතිවරයාට බලය ඇත.