මෙහි දී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙතින් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් ද සමග සභාපතිවරයා / ලේකම්වරයා වෙත අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය. ගාස්තුව පිළිබද තීරණයක් ගැනීමෙන් පසු අදාල සේවාව ලබා ගත හැකි වේ.
ජල නල එලීම සඳහා මාර්ග කැඩිම
මෙහි දී,
- ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වෙත අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය.
- ජල සම්පාදන මණ්ඩලයේ ලිපියක් ඉදිරිපත් කල යුතුය.
- තාක්ෂණ නිලධාරියාගේ නිර්දේශය මත අදාල ගාස්තුව අය කොට අනුමැතිය ලබා දෙනු ලැබේ.
ආයුර්වේද වෛද්‍ය සේවාව පවත්වාගෙන යාම
මස්කෙලිය ප්‍රාදේශීය සභා බල ප්‍රෙද්ශයේ ජනතාවගේ සෞඛය තත්වය නංවාලීම උදේසා ජනතාව වෙත නොමිලේ වෛද්‍ය පහසුකම් සහ ඖෂධ සපයාදීම උදෙසා මස්කෙලිය ප්‍රාදේශීය සභාව මගින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබේ.
විවෘත දිනයන් | වේලාවන් |
සතියේ දිනවල | උදේ 8.00 සිට සවස 4.00 දක්වා |
සෙනසුරාදා | උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා |
අනතුරු දායක ගස් ඉවත් කිරීම
ගසේ යම් කොටසක් මාර්ගයට හෝ නිවසකට හානියක් විය හැකි අයුරින් පවතින අවස්ථාවල ප්‍රාදේශීය සභාව විසින් මේ සඳහා ක්‍රියා මාර්ග යනු ලැබේ.
මෙහි දී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙතින් කරන ලිඛිත ඉල්ලීමක් ද සමග ප්‍රාදේශීය සභාවේ ලේකම් වෙත අයදුම් පත් ඉදිරිපත් කල යුතු වේ.
ගස හෝ ගසේ අත්ත දින 14 ක් ඇතුලත ඉවත් නොකෙරුනේ නම් එය ඉවත් කර ඒ සඳහා ගිය ව්යදම් ගසේ අයිතිකරුගෙන් අයකර ගැනීමට සභාපතිවරයාට බලය ඇත.
කසල ඉවත් කිරීම
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එක් රැස්වන කැලි කසල අපහරණ කටයුතු සිදු කරමින් ප්‍රදේශය පවිත්‍රව සහ සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම සදහා විශාල සේවක සංඛ්‍යාවක්, ට්‍රැක්ටර් රථ සහ කම්පෙක්ටර් රථ යොදවා ඇත.
වරිපනම් බදු අය කිරීම
වරිපනම් බදු අය කිරීමේ ක්‍රියා පිලිවෙත
වරිපනම් බදු අය කරනු ලබන්නේ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ යම් ප්‍රදේශයක් දියුණු ගම් ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කල විටය.
වරිපනම් බදු ගෙවීම සදහා සුදුසුකම්
තම දේපල ප්‍රාදේශීය සභා සීමාවේ දියුණු ගම් ප්‍රදේශයක් තුල පිහිටා ඇති විට, පහත දැක්වෙන ආකාරයන්ට අයත් ඉඩමක හෝ ගොඩනැගිල්ලක පදිංචිකරුවකු වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුල නිශ්චල දේපලක හිමිකරුවෙකු වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි නිවසකල ගොඩනැගිල්ලක හෝ ඉඩමක කුලීහිමියා වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි රජයට අයත් නිවසකල ගොඩනැගිල්ලක හෝ ඉඩමක පදිංචිකරු වීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි නිශ්චල දේපලක හවුල් හිමිකරුවෙකු (සම හිමිකරුවකු) වීම.
මෙහි දී,
තම දේපලෙහි තක්සේරු වටිනාකමින්
මස්කෙලිය | 13 % |
අප්කට් | 12 % |
වරිපනම් බදු වශයෙන් ගෙවිය යුතු වේ.
- අදාල වර්ෂයේ මුල් මාසය තුල දී වරිපනම් බදු ගෙවන්මේ නම් 10 % ක් වට්ටමක් අයිතිකරු වෙත හිමි වේ. මේ සඳහා අදාල දිනට හිඟ මුදල් නොගැවීමට තිබිය යුතුය.
- එසේ නොමැති නම් අදාල වර්ෂය තුල කාර්තු 4 ක් සදහා කාර්තුවෙන් කාර්තුවට වුවද වරිපනම් බදු ගෙවීමේ හැකියාව ඇත.
- වරිපනම් බදු ක්‍රියාත්මක වන පෙදෙසක බිම් කොටසක් මිලයට ගන්නා අයෙකු ඒ සදහා නව වරිපනම් අංකයක් ලබා ගත යුතු වෙයි. (ඔප්පු සාරාංශයක් ඉදිරිපත් කිරීමෙන්)
- දැනට වරිපනම් අංකයක් හිමි අයෙකුගේ සම්පූර්ණ දේපල පවරා ගන්නා අයෙකු නම් ඔප්පු සාරාංශයක් ඉදිරිපත් කර ප්‍රාදේශීය සභා වරිපනම් ලේඛනයේ නම ඇතුලත් කර ගත යුතුය.
- වරිපනම් ලේඛනයේ නම සංශෝධනය කිරීමට හෝ නව වරිපනම් අංකයක් ලබා ගැනීමට අදාල ඔප්පු සාරාංශ පෝරමය ගාස්තු නේවාසික ගොඩනැගිලි සඳහා රු.500 ක් ද ව්‍යාපාරික ගොඩනැගිල්ලක් සඳහා රු.1000 ක් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබාගත හැක.
- එම ඔප්පු සාරාංශ පෝරමය, තම ඔප්පුව ඉදිරිපත් කර නොතාරිස්වරයෙකු ලවා පුරවා සහතික කරගත යුතු වේ.
- එසේ පුරවාගත් පෝරමය එහි පිටපතක් ද සහිතව මිනින්දෝරු සැලැස්මේ පිටපත් 2 ක් හා ඔප්පුවේ පිටපත් 2 ක් හා පත් තිරු සටහන් සමග කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතු වේ .
- එව්ට ඔබේ නම වරිපනම් ගෙවන්නෙකු වශයෙන් ලේඛනගත වේ.
ඉඩමේ අයිතිය ප්‍රාදේශීය ලේකම් සතු ඉඩමක් නම් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් ඉදිරිපත් කල යුතුය.
වරිපනම් බදු නොගෙවන්නේ නම් එම පුද්ගලයෙන් සඳහා සභාවේ ලේකම්වරයා විසින් විනිග්‍රහණ බලපත්‍රයක් නිකුත් කිරීමෙන් අනතුරව සභාපතිවරයා විසින් බලය පැවරුනු නිලධාරියකු විසින් වරිපනම් බදු නොගෙවන දේපළයෙන් චංචල දේපළ තහහනමට ගැන( ප්‍රා.ස පනතේ 162 වගන්තිය ප්‍රකාරව) ඒවා ප්‍රසිද්ධ වෙන්දේසිය විකුණා අදාල වරිපනම් බදු මුදල අය කර ගැනීම නීති අනුකුල වන්නේය
තහහනමට නොගැනීමට චංචල දේපළ නොමැති අවස්ථාවක එම දේපළ හි පිලිබඳ අධිකරනයට කරනු වාර්තා කිරීම සභාවේ ලේකම්වරයා විසින් සිදු කරන ලැබේ.
මේ පිළිබද වැඩි දුර තොරතුරු සභාවේ වරිපනම් අංශයෙන් ලබා ගත හැක.
දැනට වරිපනම් බදු අය කර ගනු ලබන කොට්ඨාශ
- මස්කෙළිය
- සාමිමලේ
වීථි රේඛා සහතික නිකුත් කිරීම (ගොඩනැගිලි සිමාව)
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩම් කොටසක් මූල්‍ය ආයතනයකට උකස් කර ණයක් ලබාගැනීමේ දී එම ඉඩමට ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කරනු ලැබූ වීථි රේඛා සහතිකයක් අවශ්‍ය වේ. මෙම සහතිකයේ ඇති වැදගත්කම වනුයේ වීථි රේඛා කඩ කොට ඉදි කර ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය සභාවට බලය තිබීමයි.
සුදුසුකම්,
- අදාල ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා තිබිය යුතුය
මේ සදහා, - ගාස්තු ගෙවා අයදුම්පතක් ප්‍රාදේශීය සභා කාර්යාලයේ වරිපනම් අංශයෙන් ලබාගත යුතු වේ.
- විථී රේඛා සහතික නිකුත් කිරිමේ අයදුම්පත්‍රය සමඟ පහත ලිපි ලේඛන ඉදිරිපත් කල යුතුය.
- අදාළ ඉඩමේ පිඹුරුපත හෙවත් මිනුම්දෝරු සැලැස්මේ මුල් පිටපත සමඟ ඡයා පිටපත් දෙකක්
- ඉඩමේ අයිතිය තහවුරු කිරිම සඳහා ඔප්පුව මුලු පිටපත හා ඡයා පිටපත.
- එහි දී අයදුම්කරු බදු බලපත්‍ර ගාස්තු හෝ වෙනත් අදාල ගෙවීමක් හිග තැබීමක් නොමැති බවට තහවුරු කර ගත යුතු වේ.
- එසේ හිග තැබීමක් කර ඇති විටෙක එම මුදල් ගෙවිය යුතු වේ.
- අයදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද සැලැසුමට අදාළ ස්ථානය තාක්ෂණ නිලධාරි විසින් පරික්ෂා කර බලා එම ගොඩනැගිල්ලට අදාළ ගොඩනැගිලි සීමාව සලකුණු කරනු ලැබේ.
- අයදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද සැලැස්මේ මුල් පිටපත්වල හා අනු පිටපත්වල වීථි රේඛා සලකුණු කිරීමෙන් අනතුරුව වීථි රේඛා සහතිකය නිකුත් කරනු ලැබේ.
පුස්තකාල සේවාවන්
මස්කෙලිය ප්‍රාදේශීය සභාවෙන් ජනතාවට ලබා දෙන තවත් එක් සේවාවකි පුස්තකාල සේවාව. පුස්තකාලය මඟින් වැඩිහිටි මෙන්ම පාසල් ළමුන් සඳහා පොත්, පුවත්පත්, සඟරා පහසුවෙන් කියවීමටත්, පොත්පත් බැහැර රැගෙන යාමටත් පහසුකම් සලසා ඇත.
මස්කෙලිය ප්‍රාදේශීය සභාව යටතේ පවතින පුස්තකාල
- මස්කෙලිය මහජන පුස්තකාලය
- අප්කට් මහජන පුස්තකාලය
පුස්තකාලය විවෘත කරන වේලාව
සඳුදා සිට බ්‍රහස්පතින්දා | පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා |
සිකුරාදා | පෙ.ව. 8.30 සිට ප.ව. 1.30 දක්වා |
ඉරිදා | පෙ.ව. 8.30 සිට ප.ව 4.00 දක්වා |
පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනීම
මහජන පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනිමට අයදුම්පත්‍රයක් සම්පූර්ණ කර ඉල්ලුම් කළ යුතු අතර අදාළ සාමාජික ගාස්තු ගෙවිය යුතුය.
- පාසල් ළමුන් සඳහා ගාස්තුව රු. 65.00 කි.
- වැඩිහිටි අය සඳහා ගාස්තුව රු. 65.00 කි.
“ජාතික කියවීම් මාසයේ ගාස්තු අය කිරීමකින් තොරව පුස්තකාල සාමාජිකත්වය නොමිලයේ ලබා දෙනු ලබයි.”.
පාසල් ළමුන් අයදුම් පත්‍රය පුරවා අදාළ පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන සහිතව උප්පැන්න සහතිකයේ පිටපතක් හෝ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සමඟ භාරදිය යුතුය.
වැඩිහිටි අය අදාළ අයදුම්පත පුරවා අදාළ ප්‍රාදේශයේ ග්‍රාම නිළධාරී හෝ සාමදාන විනිශ්චයකරුගේ අත්සන සහිතව භාරදිය යුතුය.
පුස්තකාල පොත් බැහැර දීම
පුස්තකාල පොත් බැහැර ගෙන යාමට සාමාජිකයන්ට පමණක් හිමිකම ඇත. බැහැර ගෙන යනු ලබන පොත් පරිහරණය කිරීමට සති දෙකක කාලසීමාවක් ලබා දේ. එම කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් අදාළ සති දෙකක කාලසීමාව අවසන් වීමට තවත් සතියකට දීර්ඝ කර ගත හැක. නියමිත කාලය අවසානයේ පොත් භාර දීමට අපොහෙසත් වන්නේ නම් දිනකට රුපියලක් බැගින් දඩ මුදලක් අය කෙරේ.
බැහැරට ගෙන යන ලද පොත් නැති වීම හෝ හානි වූ විට නැති වූ / හානි වූ පොතට සමාන නව පොතක් නැවත භාර දිය යුතු අතර එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් පොතේ වටිනාකම මෙන් තෙගුණයක් පුස්තකාලයට ගෙවිය යුතුය. එස් අයෙකුට බැහැර ගෙන යා හැකි උපරිම පොත් ගණන දෙකකි.
පුස්තකාල වැඩසටහන්
පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් කරන පුස්තකාල තරඟ වලදී පුස්තකාල සාමාජිකයන් සහභාගී කරවා පළාත් මට්ටමෙන් පළමු ස්ථානය හිමිකරගෙන ඇත.
ජාතික කියවීමේ මාසයේදී කියවීම් වැඩිදියුණු කිරීම සඳහා ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් ගරු මන්ත්‍රීවරුන්ගේ කොට්ඨාශ තුළ දුෂ්කර ප්‍රදේශ වල ජංගම පුස්තකාල සේවාවවන් පැවැත්විණි.
සතියේ දවස් වල සිංහල හා දෙමළ පුවත්පත් හා සති අන්තයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත් පත් පුස්තකාලයට පැමිණ කියවීමේ පහසුකම් සලසා ඇත.
සුසාන භූමි හා ආදාහනාගාර සේවාව
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සියලු සුසාන භූමි නඩත්තු කරමින් පවත්වා ගෙන යාම ප්‍රදේශීය සභාව මගින් සිදු කරනු ලැබේ.
- ආදාහනාගාර සේවාව සැපයීමේ දී මරණ සහතිකය සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙතින් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් ද සමග ප්‍රාදේශීය සභාවේ ලේකම් වෙත අයදුම් පතක් ඉදිරිපත් කල යුතු වේ.
- අදාල ගාස්තුව අය කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් අනුමැතිය ලබා දේ.
සුසාන භූමි වල ස්මාරක ඉදි කිරීම සදහා අනුමැතිය ලබා දීම
මේ සදහා මරණ සහතිකයල ස්මාරකයේ සැලැස්මල මියගිය තැනැත්තා එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඡීවත් වූවෙකු බවට වන ලිපියක් සමග අයදුම් පතක් ප්‍රාදේශීය සභාවේ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුයග මහඡන සෞඛ්‍යය පරීක්ෂක / තාක්ෂණ නිලධාරීගේ නිර්දේශය මත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් අනුමැතිය ලබා දෙනු ලැබේ.
මහජන පැමිණිලි පිළිබඳව කටයුතු කිරීම
මස්කෙලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහඡනතාව විසින් ඉදිරිපත් කරනු ලබන විවිධ පැමිණිලි පිළිබදව ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට එම ගැටලු සමතයකට පත්කර දීම ද මෙම ප්‍රාදේශීය සභාව මගින් සිදු කරයි.