“බ්‍රවුන්ලෝ – ගංගෙවත්ත දෙමළ විද්‍යාලය” වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගය

මස්කෙලිය ප්‍රාදේශීය සභාවට අයත් “බ්‍රවුන්ලෝ – ගංගෙවත්ත දෙමළ විද්‍යාලය” වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගය අබලං වීම නිසාවෙන් පාසල් සිසුන්ට, මහජනතාවට සහ වාහන ගමනාගමනයට විවිධ දුෂ්කරතා ඇති කළේය.

එම නිසා මෙම මාර්ගය සංවර්ධනය කිරීම පිළිබඳව ජනතාව මස්කෙලිය ප්‍රාදේශීය සභා සභාපති ජී.සෙන්බගවල්ලි මහත්මිය හරහා මා දැනුවත් කරන ලදී.

එම නිසා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියනයක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම මාර්ගය සංවර්ධනය කර ඇත.