වීථි රේඛා සහතික නිකුත් කිරීම (ගොඩනැගිලි සිමාව)

වීථි රේඛා සහතික නිකුත් කිරීම (ගොඩනැගිලි සිමාව)

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩම් කොටසක් මූල්‍ය ආයතනයකට උකස් කර ණයක් ලබාගැනීමේ දී එම ඉඩමට ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කරනු ලැබූ වීථි රේඛා සහතිකයක් අවශ්‍ය වේ. මෙම සහතිකයේ ඇති වැදගත්කම වනුයේ වීථි රේඛා කඩ කොට ඉදි කර ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය සභාවට බලය තිබීමයි.

සුදුසුකම්,

  • අදාල ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා තිබිය යුතුය
    මේ සදහා,
  • ගාස්තු ගෙවා අයදුම්පතක් ප්‍රාදේශීය සභා කාර්යාලයේ වරිපනම් අංශයෙන් ලබාගත යුතු වේ.
  • විථී රේඛා සහතික නිකුත් කිරිමේ අයදුම්පත්‍රය සමඟ පහත ලිපි ලේඛන ඉදිරිපත් කල යුතුය.
  • අදාළ ඉඩමේ පිඹුරුපත හෙවත් මිනුම්දෝරු සැලැස්මේ මුල් පිටපත සමඟ ඡයා පිටපත් දෙකක්
  • ඉඩමේ අයිතිය තහවුරු කිරිම සඳහා ඔප්පුව මුලු පිටපත හා ඡයා පිටපත.
  • එහි දී අයදුම්කරු බදු බලපත්‍ර ගාස්තු හෝ වෙනත් අදාල ගෙවීමක් හිග තැබීමක් නොමැති බවට තහවුරු කර ගත යුතු වේ.
  • එසේ හිග තැබීමක් කර ඇති විටෙක එම මුදල් ගෙවිය යුතු වේ.
  • අයදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද සැලැසුමට අදාළ ස්ථානය තාක්ෂණ නිලධාරි විසින් පරික්ෂා කර බලා එම ගොඩනැගිල්ලට අදාළ ගොඩනැගිලි සීමාව සලකුණු කරනු ලැබේ.
  • අයදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද සැලැස්මේ මුල් පිටපත්වල හා අනු පිටපත්වල වීථි රේඛා සලකුණු කිරීමෙන් අනතුරුව වීථි රේඛා සහතිකය නිකුත් කරනු ලැබේ.