පුස්තකාල සේවාවන්

පුස්තකාල සේවාවන්

මස්කෙලිය ප්‍රාදේශීය සභාවෙන් ජනතාවට ලබා දෙන තවත් එක් සේවාවකි පුස්තකාල සේවාව. පුස්තකාලය මඟින් වැඩිහිටි මෙන්ම පාසල් ළමුන් සඳහා පොත්, පුවත්පත්, සඟරා පහසුවෙන් කියවීමටත්, පොත්පත් බැහැර රැගෙන යාමටත් පහසුකම් සලසා ඇත.

මස්කෙලිය ප්‍රාදේශීය සභාව යටතේ පවතින පුස්තකාල

  • මස්කෙලිය මහජන පුස්තකාලය
  • අප්කට් මහජන පුස්තකාලය

පුස්තකාලය විවෘත කරන වේලාව

සඳුදා සිට බ්‍රහස්පතින්දාපෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
සිකුරාදාපෙ.ව. 8.30 සිට ප.ව. 1.30 දක්වා
ඉරිදාපෙ.ව. 8.30 සිට ප.ව 4.00 දක්වා

පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනීම

මහජන පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනිමට අයදුම්පත්‍රයක් සම්පූර්ණ කර ඉල්ලුම් කළ යුතු අතර අදාළ සාමාජික ගාස්තු ගෙවිය යුතුය.

  • පාසල් ළමුන් සඳහා ගාස්තුව රු. 65.00 කි.
  • වැඩිහිටි අය සඳහා ගාස්තුව රු. 65.00 කි.

“ජාතික කියවීම් මාසයේ ගාස්තු අය ‍කිරීමකින් තොරව පුස්තකාල සාමාජිකත්වය නොමිලයේ ලබා දෙනු ලබයි.”.

පාසල් ළමුන් අයදුම් පත්‍රය පුරවා අදාළ පාසලේ විදුහල්පතිවරයාගේ අත්සන සහිතව උප්පැන්න සහතිකයේ පිටපතක් හෝ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සමඟ භාරදිය යුතුය.

වැඩිහිටි අය අදාළ අයදුම්පත පුරවා අදාළ ප්‍රාදේශයේ ග්‍රාම නිළධාරී හෝ සාමදාන විනිශ්චයකරුගේ අත්සන සහිතව භාරදිය යුතුය.

පුස්තකාල පොත් බැහැර දීම

පුස්තකාල පොත් බැහැර ගෙන යාමට සාමාජිකයන්ට පමණක් හිමිකම ඇත. බැහැර ගෙන යනු ලබන පොත් පරිහරණය කිරීමට සති දෙකක කාලසීමාවක් ලබා දේ. එම කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් අදාළ සති දෙකක කාලසීමාව අවසන් වීමට තවත් සතියකට දීර්ඝ කර ගත හැක. නියමිත කාලය අවසානයේ පොත් භාර දීමට අපොහෙසත් වන්නේ නම් දිනකට රුපියලක් බැගින් දඩ මුදලක් අය කෙරේ.

බැහැරට ගෙන යන ලද පොත් නැති වීම හෝ හානි වූ විට නැති වූ / හානි වූ පොතට සමාන නව පොතක් නැවත භාර දිය යුතු අතර එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් පොතේ වටිනාකම මෙන් තෙගුණයක් පුස්තකාලයට ගෙවිය යුතුය. එස් අයෙකුට බැහැර ගෙන යා හැකි උපරිම පොත් ගණන දෙකකි.

පුස්තකාල වැඩසටහන්

පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් කරන පුස්තකාල තරඟ වලදී පුස්තකාල සාමාජිකයන් සහභාගී කරවා පළාත් මට්ටමෙන් පළමු ස්ථානය හිමිකරගෙන ඇත.

ජාතික කියවීමේ මාසයේදී කියවීම් වැඩිදියුණු කිරීම සඳහා ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් ගරු මන්ත්‍රීවරුන්ගේ කොට්ඨාශ තුළ දුෂ්කර ප්‍රදේශ වල ජංගම පුස්තකාල සේවාවවන් පැවැත්විණි.

සතියේ දවස් වල සිංහල හා දෙමළ පුවත්පත් හා සති අන්තයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත් පත් පුස්තකාලයට පැමිණ කියවීමේ පහසුකම් සලසා ඇත.