අනතුරු දායක ගස් ඉවත් කිරීම

ගසේ යම් කොටසක් මාර්ගයට හෝ නිවසකට හානියක් විය හැකි අයුරින් පවතින අවස්ථාවල ප්‍රාදේශීය සභාව විසින් මේ සඳහා ක්‍රියා මාර්ග යනු ලැබේ.

මෙහි දී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙතින් කරන ලිඛිත ඉල්ලීමක් ද සමග ප්‍රාදේශීය සභාවේ ලේකම් වෙත අයදුම් පත් ඉදිරිපත් කල යුතු වේ.

ගස හෝ ගසේ අත්ත දින 14 ක් ඇතුලත ඉවත් නොකෙරුනේ නම් එය ඉවත් කර ඒ සඳහා ගිය ව්යදම් ගසේ අයිතිකරුගෙන් අයකර ගැනීමට සභාපතිවරයාට බලය ඇත.

ආයුර්වේද වෛද්‍ය සේවාව පවත්වාගෙන යාම

මස්කෙලිය ප්‍රාදේශීය සභා බල ප්‍රෙද්ශයේ ජනතාවගේ සෞඛය තත්වය නංවාලීම උදේසා ජනතාව වෙත නොමිලේ වෛද්‍ය පහසුකම් සහ ඖෂධ සපයාදීම උදෙසා මස්කෙලිය ප්‍රාදේශීය සභාව මගින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබේ.

විවෘත දිනයන්වේලාවන්
සතියේ දිනවලඋදේ 8.00 සිට සවස 4.00 දක්වා
සෙනසුරාදාඋදේ 8.00 සිට දහවල් 12.00 දක්වා

වරිපනම් බදු අය කිරීම

වරිපනම් බදු අය කිරීමේ ක්‍රියා පිලිවෙත

වරිපනම් බදු අය කරනු ලබන්නේ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ යම් ප්‍රදේශයක් දියුණු ගම් ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කල විටය.

වරිපනම් බදු ගෙවීම සදහා සුදුසුකම්

තම දේපල ප්‍රාදේශීය සභා සීමාවේ දියුණු ගම් ප්‍රදේශයක් තුල පිහිටා ඇති විට, පහත දැක්වෙන ආකාරයන්ට අයත් ඉඩමක හෝ ගොඩනැගිල්ලක පදිංචිකරුවකු වීම.

  • ප්‍රාදේශීය සභා සීමාව තුල නිශ්චල දේපලක හිමිකරුවෙකු වීම.
  • ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි නිවසකල ගොඩනැගිල්ලක හෝ ඉඩමක කුලීහිමියා වීම.
  • ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි රජයට අයත් නිවසකල ගොඩනැගිල්ලක හෝ ඉඩමක පදිංචිකරු වීම.
  • ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි නිශ්චල දේපලක හවුල් හිමිකරුවෙකු (සම හිමිකරුවකු) වීම.

මෙහි දී,

තම දේපලෙහි තක්සේරු වටිනාකමින්

මස්කෙලිය13 %
අප්කට්12 %

වරිපනම් බදු වශයෙන් ගෙවිය යුතු වේ.

  • අදාල වර්ෂයේ මුල් මාසය තුල දී වරිපනම් බදු ගෙවන්මේ නම් 10‍ % ක් වට්ටමක් අයිතිකරු වෙත හිමි වේ. මේ සඳහා අදාල දිනට හිඟ මුදල් නොගැවීමට තිබිය යුතුය.
  • එසේ නොමැති නම් අදාල වර්ෂය තුල කාර්තු 4 ක් සදහා කාර්තුවෙන් කාර්තුවට වුවද වරිපනම් බදු ගෙවීමේ හැකියාව ඇත.
  • වරිපනම් බදු ක්‍රියාත්මක වන පෙදෙසක බිම් කොටසක් මිලයට ගන්නා අයෙකු ඒ සදහා නව වරිපනම් අංකයක් ලබා ගත යුතු වෙයි. (ඔප්පු සාරාංශයක් ඉදිරිපත් කිරීමෙන්)
  • දැනට වරිපනම් අංකයක් හිමි අයෙකුගේ සම්පූර්ණ දේපල පවරා ගන්නා අයෙකු නම් ඔප්පු සාරාංශයක් ඉදිරිපත් කර ප්‍රාදේශීය සභා වරිපනම් ලේඛනයේ නම ඇතුලත් කර ගත යුතුය.
  • වරිපනම් ලේඛනයේ නම සංශෝධනය කිරීමට හෝ නව වරිපනම් අංකයක් ලබා ගැනීමට අදාල ඔප්පු සාරාංශ පෝරමය ගාස්තු නේවාසික ගොඩනැගිලි සඳහා රු.500 ක් ද ව්‍යාපාරික ගොඩනැගිල්ලක් සඳහා රු.1000 ක් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබාගත හැක.
  • එම ඔප්පු සාරාංශ පෝරමය, තම ඔප්පුව ඉදිරිපත් කර නොතාරිස්වරයෙකු ලවා පුරවා සහතික කරගත යුතු වේ.
  • එසේ පුරවාගත් පෝරමය එහි පිටපතක් ද සහිතව මිනින්දෝරු සැලැස්මේ පිටපත් 2 ක් හා ඔප්පුවේ පිටපත් 2 ක් හා පත් තිරු සටහන් සමග කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතු වේ .
  • එව්ට ඔබේ නම වරිපනම් ගෙවන්නෙකු වශයෙන් ලේඛනගත වේ.

ඉඩමේ අයිතිය ප්‍රාදේශීය ලේකම් සතු ඉඩමක් නම් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් ඉදිරිපත් කල යුතුය.

වරිපනම් බදු නොගෙවන්නේ නම් එම පුද්ගලයෙන් සඳහා සභාවේ ලේකම්වරයා විසින් විනිග්‍රහණ බලපත්‍රයක් නිකුත් කිරීමෙන් අනතුරව සභාපතිවරයා විසින් බලය පැවරුනු නිලධාරියකු විසින් වරිපනම් බදු නොගෙවන දේපළයෙන් චංචල දේපළ තහහනමට ගැන( ප්‍රා.ස පනතේ 162 වගන්තිය ප්‍රකාරව) ඒවා ප්‍රසිද්ධ වෙන්දේසිය විකුණා අදාල වරිපනම් බදු මුදල අය කර ගැනීම නීති අනුකුල වන්නේය

තහහනමට නොගැනීමට චංචල දේපළ නොමැති අවස්ථාවක එම දේපළ හි පිලිබඳ අධිකරනයට කරනු වාර්තා කිරීම සභාවේ ලේකම්වරයා විසින් සිදු කරන ලැබේ.

මේ පිළිබද වැඩි දුර තොරතුරු සභාවේ වරිපනම් අංශයෙන් ලබා ගත හැක.

දැනට වරිපනම් බදු අය කර ගනු ලබන කොට්ඨාශ

  • මස්කෙළිය
  • සාමිමලේ

කසල ඉවත් කිරීම

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එක් රැස්වන කැලි කසල අපහරණ කටයුතු සිදු කරමින් ප්‍රදේශය පවිත්‍රව සහ සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම සදහා විශාල සේවක සංඛ්‍යාවක්, ට්‍රැක්ටර් රථ සහ කම්පෙක්ටර් රථ යොදවා ඇත.